ජපානය කොරෝනා සීමා දැඩි කළ ද ඇතැම් පිරිස් ගෙන් ලැබෙන සහයෝගය ප්‍රමාණවත් නොවේ


ජපානය තුළ අධිකව පැතිර යන ඔමික්‍රෝන්  ප්‍රභේදය නිසා  ටෝකියෝ නගරය  තුළ භෝජනාගාර සහ අවන්හල් පෙර වේලාවට කලින් වසා

.

ජපානය තුළ අධිකව පැතිර යන ඔමික්‍රෝන්  ප්‍රභේදය නිසා  ටෝකියෝ නගරය  තුළ භෝජනාගාර සහ අවන්හල් පෙර වේලාවට කලින් වසා දැමීමට තීරණය කර තිබේ.නාගරික ප්‍රදේශ තුළ වෛරසය ව්‍යාප්ත අධිකවීම නිසා ඉතිරි ප්‍රාන්ත දොළොසේද මෙම සීමා දැඩිව   ක්‍රියාත්මක වීමට නියමිතයි .

 

ජපානය  තුළ බහුතරයක් වැඩිහිටියන් මේ වන විටත් අදාල covid නයින්ටීන් එන්නත් ලබාගෙන ඇති අතර කිහිපදෙනෙක් තෙවන බූස්ටර් මාත්‍රාව ද ලබාගෙන ඇත.තුන්වන මාත්‍රාවක් ලබා ගැනීමේ වැදගත්කම නම් එමගින් ක්ෂණිකව ආසාදනය විය හැකි omicron ප්‍රභේදයට එරෙහිව ආරක්ෂාවක් සැපයීමයි .

 

මෙතරම් සීමා කිරීම් සහිතව රට පවත්වාගෙන යන අතරතුර ඇතැම් භෝජනාගාර හා අවන්හල් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වලට වෙන අලාභය සලකා මෙම සීමාවන් පැහැර හැරීමට කටයුතු කරමින් පවතී.එසේම ඇතැම් දුම්රිය පල වල පනවා ඇති උපරිම අගයට වඩා බොහෝ වැඩි අගයකින් දුම්රිය සඳහා මිනිසුන් නංවා ගන්නා අතර අනාරක්ෂිතව  ඔවුන්ව ප්‍රවාහනය කිරීම සිදු කරයි .මෙය වසංගත තත්ත්වය මර්දනය කිරීම සඳහා දැඩි ලෙස බාධා එල්ල කරන තත්ත්වයකි.

336 Views

Comments