අගෝස්තු 16 සිට 22 දක්වා වූ සතිය තුළ ජපානයේ අගනුවර වූ Tokyo හි වාසය කළ පුද්ගලයින් 176 දෙනෙකු වාර්තාගත ලෙස COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් ඇති බව වසංගත ප්‍රවණතාවය විශ්ලේෂණය කිරීම සඳහා පිහිටුවන ලද ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජයේ නිරීක්ෂණ රැස්වීමේදී පසුගියදා අනාවරණය විය .
පෙර සතියට සාපේක්ෂව තහවුරු කරන ලද මරණ සංඛ්‍යාව 28 කින් වැඩිවූ අතර වයස අවුරුදු 10 ට අඩු එක් දරුවෙකු සහ අවුරුදු 10-19 අතර එක් දරුවෙකු ඒ අතර වන බව වාර්තා වේ.
අගෝස්තු 24 දින වන විට සතිපතා තහවුරු කළ නව සාමාන්‍ය දෛනික ආසාදන සංඛ්‍යාව 20,253 ක් වූ අතර එය පෙර සතිය මෙන් 92% ක් පමණ වේ. අසාධ්‍ය රෝග ලක්ෂණ හේතුවෙන් රෝහල්ගත කරන ලද COVID-19 රෝගීන් සංඛ්‍යාව 4,277 ක් වූ අතර එය පෙර සතියට වඩා 147 කින් අඩු වී තිබේ.
“වැඩිහිටි පුද්ගලයින්ට පමණක් නොව, එන්නත් ලබා නොගත්, තරබාරු හෝ දුම්පානයේ ඉතිහාසයක් ඇති තරුණයින්ට ද දරුණු රෝග ලක්ෂණ ඇතිවීමේ වැඩි අවදානමක් ඇත. ඉදිරි පරම්පරාව දරුණු ලෙස රෝගාතුර වීමේ අවදානමක් ඇත" යනුවෙන් මෙහිදී අදහස් දක්‌වමින් Tokyo වෛද්‍ය සංගමයේ උප සභාපති Masataka Inokuchi කියා සිටියේය.