අගනුවර නව Corona ආසාදිතයින්ගේ ව්‍යාප්තියේ ස්වභාවය


Tokyo අගනුවරින් තවදුරටත් කොරෝනා ආසාදිතයින් වාර්තා වේ

.

මැයි 12 වන දින බ්‍රහස්පතින්දා දින අගනුවරින් තහවුරු කරන ලද COVID-19 මරණ හතරක් සහ නව Corona ආසාදිතයින් 4216 දෙනෙකු වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.

 

ටෝකියෝවේ ප්‍රතිකාර අවශ්‍ය සාමාන්‍ය Corona ආසාදිතයින් වෙනුවෙන් නම් කරන ලද ඇඳන් 7229 න් 1124 ක්ද , දරුණු රෝගීන් වෙනුවෙන් පවතින ඇඳන් 804 න් 30 ක්ද මේ වනවිට රෝගීන්ගෙන් පිරී ගොස්‌ ඇති අතර Tokyo නගරයේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1,480,527 ක් ලෙස සදහන් වේ. 

 

වාර්තාගත නව ආසාදිතයින්ගෙන් 2213 ට COVID-19 එන්නත් දෙකක් ද , 32 ට එක් එන්නතක් ද ලබා දී ඇති අතර, ඔවුන්ගෙන් 1029 දෙනෙකුට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාදී නොමැති බව පැවැසේ.

137 Views

Comments