දරුවෙකු බළල් කූඩුවක සිර කළ බවට සැකපිට අත්අඩංගුවට පත් සැකකරුවෝ


දරුවකු බළල් කූඩුවක සිරකල් පුද්ගලයන් අත්අඩංගුවට ගනී

.

Saitama ප්‍රාන්තයේ නිවසකින් මාර්තු මාසයේදී 5 හැවිරිදි පිරිමි දරුවෙකුගේ මළ සිරුරක්  සොයාගැනීම සම්බන්ධයෙන් විමර්ශන කරමින් සිටි පොලිසිය විසින් පහරදීම සහ සිරගත කිරීම සම්බන්ධයෙන් සැකපිට වින්දිතයාගේ මව ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට මැයි 11 වැනිදා නව වරෙන්තු නිකුත් කොට තිබේ . 

 

තාවකාලික සේවකයෙකු වූ 30 හැවිරිදි Chika Kakimoto, පිරිමි ළමයාගේ මව, 34 හැවිරිදි Hiroki Niwa, සහ 54 හැවිරිදි Yoko Ishii යන පුද්ගලයන් විසින් 4 හැවිරිදි Ayumu නම් දරුවා 2021 ජනවාරි 31 වන දින Saitama ප්‍රාන්තයේ Honjo  හි පිහිටි ඔවුන්ගේ නිවසේ පළමු මහලේ හිස් වැහි වතුර ටැංකියක් තුළ තබා පියන වසා පහර දී තිබේ . 

 

එමෙන්ම 2021 මැයි 29 වන දින ඔවුන් විසින්  මිනිත්තු 10 කට වඩා වැඩි කාලයක් දරුවාගේ මුහුණට පහර දී ඔහුගේ කකුල් අල්ලා උඩු යටිකුරු කර එල්ලා පැය 2 1/2 ක් පමණ බළල් කූඩුවක සිර කර තබා තිබේ. 

 

2022 මාර්තු මාසයේදී, ප්‍රාන්ත පොලිසිය විසින් Ayumu ට පහර දීම, ඔහුව මරා දැමීම සහ ඔහුගේ සිරුර නිවසේ බිම් මහලේ දැමීම ඇතුළු  ශාරීරික තුවාල සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සැකපිට පලමු වරට තිදෙනා අත්අඩංගුවට ගත්හ.

159 Views

Comments