මැයි 7 වැනි දින අලුයම රුසියාවට අයත්, ජපානයට හිමිකම් කියන Hokkaido දූපතේ වෙරළ තීරයේ වූ Kunashiri දූපතේ දකුණු ප්‍රදේශයේ, Nikishoro වැවේ බටහිර පැත්තේ වෙරළ තීරයේ ගොඩගසා තිබියදී කාන්තා මළසිරුරක් සොයා ගෙන ඇති බව වාර්තා වී තිබේ .
Kunashiri දූපතේ දී මෙලෙස හමුවූ මිය ගිය පුද්ගලයා අප්‍රේල් 23 වන දින Kazu I සංචාරක බෝට්ටුව ගිලී යාමෙන් මියගිය අයගෙන් කෙනෙකු විය හැකි බවට ජපාන රජය සැක පළ කර ඇති අතර මළ සිරුර පිළිබඳ තොරතුරු සපයන ලෙස රුසියානු බලධාරීන්ගෙන් රාජ්‍යතාන්ත්‍රික මාර්ග හරහා ජපාන රජය ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව පැවැසේ .
මළ සිරුර හඳුනා ගැනීමට හැකි කිසිදු සාක්ෂියක් එහි තිබී නොමැති නමුත් කාන්තාවන්ගේ ශරීර ලක්ෂණ අතුරුදන් වූ කිසියම් අයකුගේ ශරීර ලක්ෂණ සමඟ ගැලපීමක් ඇත්නම් දේහය ජපානය රජයට භාරදීමට පළාත් පාලන ආයතන සිය කැමැත්ත පළ කර ඇති බව සදහන් වේ .