කුඩා දරුවන් සඳහා වූ මුඛ ආවරණ නීති සමාලෝචනය ප්‍රතික්ෂේප කෙරේ


කුඩා දරුවන් මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් වන නීතිවල වෙනසක් නැතැයි අගමැතිතුමා ප්‍රකාශ කරයි

.

Corona වෛරස ආසාදනවලට එරෙහි පියවරක් ලෙස දිවා සුරැකුම් මධ්‍යස්ථානවල වයස අවුරුදු 2 හෝ ඊට වැඩි කුඩා දරුවන් සඳහා මුඛ  ආවරණ පැළඳීම සඳහා වන උපදේශන සමාලෝචනය කිරීමට රජය සැලසුම් කරමින් සිටින බවට පැතිරෙන කටකතා අගමැති Fumio Kishida විසින් මැයි 13 දින පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රතික්ෂේප කොට තිබේ .

 

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කැබිනට් කමිටු රැස්වීමකදී "නිර්දේශය සමාලෝචනය කිරීමට රජය තීරණය කර ඇති බව සත්‍යයක් නොවේ" යනුවෙන් Kishida  පැවසීය.

 

"පවතින රජයේ ප්‍රතිපත්තියක් ලෙස, මිනිසුන් මුව ආවරණය පැළඳිය යුතුය යන අදහස මේ මොහොතේ පවා නොවෙනස්ව පවතී" යනුවෙන් උපදේශන ඉවත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවට සමහර මාධ්‍ය සංවිධාන විසින් පළ කරන ලද අසත්‍ය වාර්තා පිළිබඳව සිය අදහස්‌ දක්‌වමින් , Kishida පහළ මන්ත්‍රී මණ්ඩලයට පැහැදිලි කළේය.

135 Views

Comments