Tokyo අගනුවර සහ අසල්වැසි Kanagawa ප්රාන්තයේ මැයි 13 දින රාත්රී 10.30 ට පමණ විශාල විදුලි කප්පාදුවක් සිදුවී ඇති අතර එයින් සමස්ත නිවාස 69,000 කට පමණ සහ කනගාවා ප්රාන්තයේ Aoba පොලිස් වසමේ සමහර මාර්ග සංඥාවලට බලපෑම් සිදුවූ බව Tokyo Electric Power Co. Holdings Inc. (TEPCO) සදහන් කළේය.
නගරයේ සහ ඒ අවට ප්රදේශවල නිවාස 67,600 කට පමණ ද, Tokyo හි අසල්වැසි නගරයක් වන Machida හි නිවාස 1,400 කට පමණ ද මෙය බලපා ඇති අතර මැයි 14 දින අලුයම 5.20 ට පමණ විදුලි සැපයුම නැවත යථා තත්ත්වයට පත් කෙරිණි. භූගත විදුලි රැහැනකට හානි සිදුවීම මෙම විදුලිය බිඳ වැටීමට හේතු වන්නට ඇති බව නිලධාරීහු පැවැසූහ .
විදුලිය විසන්ධි වීම හේතුවෙන් Odakyu Odawara මාර්ගයේ Mukogaoka-Yuen සහ Machida දුම්රිය ස්ථාන අතර සහ Odakyu Tama මාර්ගයේ Shin-Yurigaoka සහ Karakida දුම්රිය ස්ථාන අතර දුම්රිය සේවා ඇණහිටීම සිදුවූ අතර එමඟින් මගීන් 19,000 දෙනෙකුගේ පමණ දෛනික ජිවිතයට බලපෑම් එල්ල වී ඇති බව පැවැසේ .