යුරෝපා සංගම් කවුන්සිලයේ ප්‍රධානියා හිරෝෂිමා හි රුසියානු න්‍යෂ්ටික තර්ජනය හෙළා දකී


යුරෝපා සංගමය හිරෝෂිමාවේ න්‍යෂ්ටික පිපිරීම් ප්‍රතික්ෂේප කරයි

.

"යුක්‍රේනය ආක්‍රමණයෙන් පසු න්‍යෂ්ටික අවි භාවිතා කරන බවට තර්ජනය කිරීම සම්බන්ධයෙන් තමන් රුසියාව හෙළා දකින බවත්, එය ගෝලීය ආරක්ෂාවට ලැජ්ජා සහගත සහ පිළිගත නොහැකි තර්ජනයක් බවත්" සිය හිරෝෂිමා සංචාරය අතරතුරදී යුරෝපීය කවුන්සිලයේ සභාපති Charles Michel සිකුරාදා අදහස් දක්‌වමින් පැවසීය.

 

1945 දී දෙවන ලෝක සංග්‍රාමය අවසානයේ  එක්සත් ජනපද පරමාණු බෝම්බ ප්‍රහාරවලින් විනාශයට පත් වූ Hiroshima නගරයේ  Hiroshima සාම අනුස්මරණ කෞතුකාගාරය නැරඹීමේ මිනිත්තු 35 ක සංචාරයකින් පසු න්‍යෂ්ටික අවි තුරන් කිරීමේ “දැඩි අධිෂ්ඨානයක් ” තමාට හැඟෙන බව Michel ප්‍රකාශ කළේය .

 

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම සහ උතුරු කොරියානු Ballistic මිසයිල අත්හදා බැලීම් ඇතුළු තර්ජන නිසා ඉහළ ගිය අවදානම මධ්‍යයේ න්‍යෂ්ටික අවි භාවිතයට එරෙහිව යුරෝපා සංගමයේ විරෝධය ඉස්මතු කිරීම  මෙම  සංචාරයේ අරමුණ වී තිබේ.

Comments