විදේශීය සිසුන් වෙනුවෙන් සරල ජපන් භාෂාවෙන් සිදුකළ විඩියෝව


විදේශීය සිසුන් හට ජපන් සංස්කෘතිය හා භාෂා පිළිබඳ අවබෝධයක් ලබාදීමට සරල වීඩියෝවක් නිකුත්වෙයි

.

Wakayama විශ්ව විද්‍යාලයේ ජපන් සහ විදේශීය සිසුන් පිරිසක් එක්ව පහසුවෙන් තේරුම් ගත හැකි ජපන් භාෂාව භාවිතා කරමින් විදේශීය සම්භවයක් ඇති දරුවන් වෙනුවෙන් ජපානයේ ප්‍රාථමික පාසල්වලට අනන්‍ය වූ නියමයන් සහ සංස්කෘතිය හඳුන්වා දෙන වීඩියෝවක් සහ පොත් පිංචක් නිර්මාණය කර තිබේ .

 

ජපානයේ පාසල්වලට ඇතුළත් වන විදේශීය දරුවන් බොහෝ විට ගෘහස්ථ පාවහන් පැළඳීම, පාසල් දිවා ආහාරය ලබා ගැනීම, ගුරුවරුන් සහ දෙමාපියන් අතර සන්නිවේදනය සඳහා සටහන් පොතක් භාවිතා කිරීම වැනි සිරිත් විරිත්වල පවතින වෙනස්කම් හේතුවෙන් අධ්‍යාපනය පාඩු කරගැනීම මෙයට හේතුවී තිබේ. 

 

"ජපන් ප්‍රාථමික පාසලක දවසක්" යන තේමාවෙන් සිදුකළ විඩියෝව සහ බහුභාෂා අත් පත්‍රිකාව ජපානයේ පාසල් ජීවිතය පිළිබඳව විදේශීය සම්භවයක් ඇති දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් අතර ව්‍යාප්තව පවතින කනස්සල්ල මඳක් හෝ සමනය කිරීමට උපකාරී වනු ඇතැයි ව්‍යාපෘතිය සැලසුම් කළ චීනය, වියට්නාමය සහ මැලේසියාව යන රටවල ජපන් තරුණයින් සහ ජාත්‍යන්තර සිසුන්ගෙන් සමන්විත ශිෂ්‍ය කණ්ඩායම අපේක්ෂා කරනු ලබයි.

Comments