දුරදිග ගිය වචන හුවමාරුව හේතුවෙන් සිය පියා ඝාතනයට තැත් කළ දියණියක්


මතභේදයක් හේතුවෙන් පියා ඝාතනයට තැත්කල දියණියක් අත්අඩංගුවට ගැනේ

.

Oita ප්‍රාන්තයේ Beppu හි පොලිසිය විසින් සිය 68 හැවිරිදි පියා ඝාතනය කිරීමට තැත් කළ බවට සැකපිට 31 හැවිරිදි Eriko Sugishita නම් රැකියා විරහිත කාන්තාවක් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ . සිකුරාදා අලුයම 3.25 ට පමණ තම දියණිය පිහියකින් ඇණ තම සැමියා තුවාල කර ඇති බව පවසමින් කාන්තාවකගෙන් පොලිසියට ලද ඇමතුමක් අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ළඟා වී ඇත .  පොලීසියේ මැදිහත්වීමෙන් තුවාලකරු වහාම රෝහල් ගත කර ඇති නමුත් ඔහුගේ තුවාල ජීවිතයට තර්ජනයක් නොවන බව එහිදී වෛද්‍යවරුන් පැවැසීය . පියා සහ දියණිය දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව ඇය පිහියකින් තම පියාගේ ගෙල සහ මුහුණ කපා දැමූ බව පිළිගත් නමුත් ඝාතනය කිරීමේ කිසිදු චේතනාවක් ඇය සතුව නොතිබු බැවින් එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති බව පොලිසිය සඳහන් කළේය .

160 Views

Comments