කුඩා පරිමාණ සංචාර පිළිගැනීමට සුදානම් වන ජපානය


ජපානය ක්‍රම ක්‍රමයෙන් සංචාරකයන්ට රට විවෘත කරයි

.

ජූනි මාසයේදී විදේශීය අමුත්තන්ගේ පූර්ණ පරිමාණ පිළිගැනීම සැලසුම් කර ඇති බැවින් මෙම මස අගදී එහි අත්හදා බැලීමක් ලෙස එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, තායිලන්තය සහ සිංගප්පූරුව යන රටවලින් එන්නත් කරන ලද සංචාරකයින්ගේ   කුඩා පරිමාණ කණ්ඩායම් පිළිගැනීමට ජපානය සුදානම් බව රජය විසින් නිවේදනයක් නිකුත් කරමින්  අඟහරුවාදා ප්‍රකාශ කළේය.

 

ජපානය 2020 දී Corona වසංගතයේ මුල් අවධියේ සිට විදේශීය සංචාරකයින් සඳහා සංචරණ දේශසීමා දැඩි කර තිබූ නමුත් පහළ යන අවදානම් තත්වය හේතුවෙන් ව්‍යාපාරිකයින්, තාක්ෂණික සීමාවාසිකයින් සහ සිසුන් පිළිගනිමින් මාර්තු මාසයේ සිට එහි සංචාරක සීමාවන් ක්‍රමයෙන් ලිහිල් කිරීම ආරම්භ කළේය. 

 

ඉඩම්, යටිතල පහසුකම්, ප්‍රවාහන හා සංචාරක අමාත්‍යාංශයට අනුව COVID-19 එන්නත් තුනක් ලබා ගත් සංචාරකයන් හට සංචාරක බුබුළු යටතේ පිළිගත් ප්‍රාන්ත වෙත ගමන් කළ හැකි වේ .

216 Views

Comments