එළැඹෙන සති අන්තයේ දී ජපාන මුහුදු ආශ්‍රිතව කඳුකර ප්‍රදේශයේ දැඩි හිම පතනයක් සිදුවිය හැකි බව කාලගුණ නිලධාරීන් විසින් දැනුවත් කර ඇත. Tokai තැනිතලා ප්‍රදේශයේද හිම පතනයක් සිදුවිය හැකි බව ඔවුන් තවදුරටත් පවසා තිබේ.
සිකුරාදා රාත්‍රියේ සිට ඉරිදා දවස නිමවන තෙක් මෙම හිමපතනය සිදුවිය හැකි බවත් බොහෝ ප්‍රාන්ත වල සෙන්ටි මීටර් 40 සිට 80 දක්වා ඝන හිම තට්ටු දැකගත හැකි විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් නිවේදනය කර ඇත.
ප්‍රවාහන කටයුතු වලට දැඩි ලෙස බාධා විය හැකි බවත් නිවාස වල වහලවල් , ශාක සහ විද්‍යුත් සැපයුම් කණු මත හිම රැඳීම හේතුවෙන් සිදුවිය හැකි අනතුරු පිළිබඳව සැලකිලිමත් වන ලෙස එම නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී .