ජාත්‍යන්තර Booker ත්‍යාගය සඳහා යොමු වූ ජපන් ග්‍රන්ථය


ජපන් ග්‍රන්ථයක් Booker ත්‍යාගය සඳහා නිර්දේශ වේ

.

Mieko Kawakami නම් ජපාන කතුවරියගේ "Heaven" නම් නවකතාව මෙම වසරේදී බ්‍රිතාන්‍යයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර Booker ත්‍යාගයේ පරිවර්තන කාණ්ඩය සඳහා වූ කෙටි ලැයිස්තුවට එක් කොට තිබේ. 

 

2020 දී "The Memory Police" සඳහා නම් කරන ලද Yoko Ogawa ට පසු එම ත්‍යාගය සඳහා කෙටි ලැයිස්තු ගත කළ පළමු ජපන් කතුවරිය ලෙස Kawakami සැලකේ .

 

Kawakami ගේ කතාව කථකයා වටා කේන්ද්‍රගත කොට ඇති අතර ඔහුගේ හරස් ඇස් නිසා පන්තියේ මිතුරන් විසින් නිතිපතා හිරිහැර කරන ලද දෙවන වසරේ කනිෂ්ඨ උසස් පාසල් ශිෂ්‍යයෙකු පිළිබඳව මෙහිදී කියැවේ. මෙහි ඉංග්‍රීසි පිටපත Sam Bett සහ David Boyd විසින් පරිවර්තනය කොට තිබේ .

142 Views

Comments