ජපානයේ නගර කිහිපයක පදිකයන්ගේ තදබදය වේගයෙන් පහළට ..


ඔමික්‍රොන් වෛරසයේ වේගවත් පැතිර යාම නිසා ටෝකියෝ ඇතුළු තදාසන්න නගර කිහිපයකට පනවන ලද

.

ඔමික්‍රොන් වෛරසයේ වේගවත් පැතිර යාම නිසා ටෝකියෝ ඇතුළු තදාසන්න නගර කිහිපයකට පනවන ලද හදිස්සි තත්වය හමුවේ එම නගරවල රාත්‍රී කාලයේ දී පැවති පදිකයන්ගේ තදබදය 20% කින් පමණ පහළ ගොස් ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

රාත්‍රී විනෝදාත්මක වැඩසටහන් සහ අනෙකුත් ක්‍රියාකාරකම් බහුලව දක්නට ලැබූ ටෝකියෝ ,ඔසාකා සහ නගෝයා යන නගරවල රාත්‍රී සංචාරය කරන්නන්ගේ සංඛ්‍යාව ඉතා වේගයෙන් අවම වී තිබේ. ඔමික්‍රොන් වෛරසය  පැතිර යාම හමුවේ  ඇතැම් කඩවීදි නියමිත වේලාවට පෙර වසා දමන  තත්ත්වයක් ද දක්නට ලැබී තිබිණි.

Comments