කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වූ ජපානයේ නව පනත් කෙටුම්පත


ජපාන කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව පනතක් දියත් වේ

.

දුප්පත්කම මෙන්ම ගෘහස්ථ හා ලිංගික හිංසනය හේතුවෙන් අවදානම් වලට ලක්විය හැකි කාන්තාවන් වෙනුවෙන් වූ සහයෝගය වැඩිදියුණු කිරීමේ නව පනත් කෙටුම්පතක් ජපාන පාර්ලිමේන්තුව බ්‍රහස්පතින්දා අනුමත කොට තිබේ. 

 

2024 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත මෙම නව නීතිය යටතේ කාන්තා සහායක කණ්ඩායම් සමඟ සම්බන්ධීකරණය කරමින් නිශ්චිත ක්‍රියාමාර්ග ඉදිරිපත් කිරීම, කාන්තාවන්ට නැවත ඔවුන්ගේ දෙපයින් නැගී සිටීමට උපකාර කිරීම මෙන්ම ඇතිවන ගැටලු වඩාත් හොඳින් විසඳීම සඳහා ප්‍රාන්ත හා මහ නගර සභා දිරිමත් කිරීමට අපේක්ෂා කෙරේ .

 

Corona වසංගතය කාන්තාවන් මුහුණ දෙන මෙවැනි භයානක තත්වයන් වඩාත් උග්‍ර හා දෘශ්‍යමාන වීම නිසා ජීවත් වීමට ස්ථානයක් නොමැති හෝ ණය වී සිටින ලිංගික හෝ ගෘහස්ථ හිංසනයට ගොදුරු වූ කාන්තාවන් සැලකිල්ලට ගෙන ඔවුන්ට ස්වාධීන ජීවිතයක් ගත කිරීමට උපකාර කිරීම නව නීතිය යටතේ සිදු කෙරේ .

130 Views

Comments