APEC වෙළඳ රැස්වීමෙන් ඉවත් වූ ආර්ථික නියෝජිතයින්


APEC වෙළඳ රැස්වීමෙන් ලෝක බලවතුන් කිහිප දෙනෙකු ඉවත් වේ

.

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයට විරෝධය පළ කරමින් ජපානය, එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ නවසීලන්තය  ඇතුළු ආර්ථිකයන් පහක නියෝජිතයන් සෙනසුරාදා පැවති ආසියා-පැසිෆික් කලාපයේ වෙළඳ අමාත්‍යවරුන්ගේ රැස්වීමකින් ඉවත් වූ බව ජපාන නිලධාරීන් පැවැසීය .

 

රුසියාවේ ආර්ථික සංවර්ධන අමාත්‍ය Maksim Reshetnikov මහතා අදහස් දක්වමින් සිටියදී මෙම විරෝධතාව සිදු කර ඇති බව වාර්තා වේ .

 

21 දෙනෙකුගෙන් යුතු ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා සංසදය පිහිටුවීම සදහා වන දෙදින රැස්වීම සෙනසුරාදා බැංකොක් හිදී ආරම්භ වූ අතර,පශ්චාත් COVID-19 යුගයේ වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම එහි අරමුණ ලෙස දක්වා තිබේ.

151 Views

Comments