Kamakura හි මහා බුදුන්ගේ ප්‍රතිමාව


ජපානයේ තවත් සංචාරක ආකර්ෂණය දිනා ගත් පුදබිමකි Kamakura බුද්ධ ප්‍රතිමා

.

Kotokuin දේවාල භූමියේ පිහිටා ඇති Amida බුදුන්ගේ ලෝකඩ ප්‍රතිමාව "Kamakura හි මහා බුදුන්" ලෙස හඳුන්වනු ලබන අතර එය 11.4m උසකින් යුක්ත වේ. දිගු කලක පටන් ජපානයේ දෙවන උසම ලෝකඩ බුද්ධ ප්‍රතිමාව වන මෙය Nara ගේ Todaiji විහාරයේ ප්‍රතිමාව සහ මෑත කාලීන නිර්මාණ කිහිපයකට පමණක් දෙවැනි වන බව පැවැසේ .

 

1252 වසරේදී වාත්තු කරන ලද ප්‍රතිමාවක් ලෙස විශාල විහාර ශාලාවක් තුළ මෙය පලමු වතාවට නිර්මාණය කර තිබූ බව ඉතිහාසයේ සදහන් වේ. 

 

14 වන සහ 15 වන සියවස්වල ඇති වූ විශාල සුළි කුණාටු වලින් සහ සුනාමියකින් විහාර ගොඩනැගිලි කිහිප වතාවක්ම විනාශ වී ගිය බැවින් 15 වන සියවසේ අග භාගයේ සිට එළිමහනේදී බුදුන් වහන්සේ වන්දනා කිරීම සිදු කෙරේ .

218 Views

Comments