Miyazakiහි ආණ්ඩුකාරවරයාට කොරෝනා


ලබන 6 වැනිදා දක්වා ඔහු සිය රාජකාරී කටයුතු අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරේ. 

.

Miyazaki ප්‍රාන්තයේ ආණ්ඩුකාර ටොෂිට්සුගු කොනෝ හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මියසාකි ප්‍රාන්තය ඊයේ(02) නිවේදනය කළේය.

ඔහුට ඊයේ(02) උදෑසන උණ වැළඳී ඇති අතර ප්‍රතිදේහජනක පරීක්ෂණයකදී කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව සොයා ගන්නා ලදී.  

ඔහුට මේ වනවිට තෙහෙට්ටුව දැනීම සහ උගුරේ වේදනාව ඇති බව වාර්තා වේ.

මේ අනුව ලබන 6 වැනිදා දක්වා ඔහු සිය රාජකාරී කටයුතු අන්තර්ජාලය ඔස්සේ සිදු කරනු ඇති.

කෙසේවෙතත් 04 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශිෂ්‍ය නායක කාර්යාලය විවෘත කිරීමේ උත්සවය ඔහු අවලංගු කර ඇත.

 

115 Views

Comments