සැපයුම් බාධා මධ්‍යයේ  ගැඹුරු කෙරෙන දෙරටේ  සබඳතාවය


එක්සත් ජනපද හා ජපාන සබඳතාව තවදුරටත් ශක්තිමත් වේ

.

ගෝලීය හිඟතා මධ්‍යයේ උපායමාර්ගික වශයෙන් වැදගත් Chips වැනි තීරණාත්මක භාණ්ඩ සඳහා වන සැපයුම් දාම ශක්තිමත් කිරීම වෙනුවෙන් ආර්ථික ආරක්ෂණ සහයෝගීතාව ගැඹුරු කිරීමට ජපාන අගමැති Fumio Kishida සහ එක්සත් ජනපද ජනාධිපති Joe Biden සඳුදා දින Tokyo හි පැවැති සාකච්ඡාවලදී එකඟ වූ බව සඳහන් වේ. 

 

අර්ධ සන්නායක නිෂ්පාදන ධාරිතාව සහ විවිධාංගීකරණය මෙන්ම උසස් බැටරි සැපයුම් දාම සහ තීරණාත්මක ඛනිජ සඳහා ඇති ප්‍රත්‍යස්ථතාව පිළිබඳ සහයෝගීතාව නායකයින් දෙදෙනා විසින් මෙහිදී තහවුරු කොට තිබේ .

 

“එවැනි සහයෝගීතාවක් තුළින් ඊළඟ පරම්පරාවේ පරිගණක චිප් සංවර්ධනය කිරීම වෙනුවෙන් ජපානය, එක්සත් ජනපදය සමඟ එක්ව තිරසාර සහ සියල්ල ඇතුළත් ආර්ථික සමාජයක් සාක්ෂාත් කර ගැනීම සඳහා මුලපිරීමක් ගනු ඇත” යනුවෙන් ජපාන අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් දක්‌වමින් පැවසීය.

146 Views

Comments