Biden සහ Kishida චීන සහ ජපාන හමුදාව ශක්‍යතාවය ගැන සාකච්ඡා කරයි


පසුගිය සිකුරාදා දින ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ජපාන අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡවේදී චීනයේ

.

පසුගිය සිකුරාදා දින ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ජපාන අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡවේදී චීනයේ හමුදා ප්‍රබලතාවය සහ ඔවුන්ගේ බලපෑමෙන් පැසිෆික් කලාපයේ ඇතිවිය හැකි නොසන්සුන්තාවයන් පිළිබඳව සාකච්ඡා විණි .

 

මිනිත්තු අසූවක් පුරා පැවති ඔවුන්ගේ සාකච්ඡාවේ වැඩි කාලයක් මිඩංගු කළේ චීනය වටා පැන නැගෙන ගැටළු සහ තායිවාන් රජය කෙරෙහි චීනයේ ඇති කලහකාරී ස්වාකාරී ස්වභාවය පිළිබඳව සාකච්ඡා කිරීමට බව ජපාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

 

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඇමරිකානු ජනාධිපති තුමා සහ ඔහු අතර ඉතාම සුහද අවංක සාකච්ඡාවක් පැවතුනු අතර එහිදී ජාත්‍යන්තර සම්බන්ධතා ඉදිරියට පවත්වාගෙන යාමට ජපානය හා අමෙරිකාව එක්ව සහයෝගයෙන් කටයුතු කරන්නේ කෙසේද හා ඒ හරහා දෙරටේ සම්බන්ධතාවයන් වඩාත් ශක්තිමත් කර ගන්නේ කෙසේද යන්න වැඩිදුර සාකච්ඡා කළ බවයි.

364 Views

Comments