තමන් Tokyo කොටස් වෙළඳපොලේ මාර්ගගත තැරැව්කාර ඒකකයේ කොටස් ලැයිස්තුගත කිරීමට සූදානම් වන බවත් එමඟින් ප්රාග්ධනය රැස් කර ගැනීමට මෙන්ම සමූහයේ බැංකුකරණ සහ මූල්‍ය යන අංශ නංවාලීමට හැකිවන බවත්" ජපානයේ මාර්ගගත වාණිජ්‍යයේ දැවැන්තයෙකු වන Rakuten Group Inc. අඟහරුවාදා පැවැසීය.
ඒකකයේ මූලික මහජන නිකුතුව හරහා සමූහ සමාගම " Rakuten පරිසර පද්ධතිය" ලෙස හඳුන්වන අදහස පුළුල් කිරීමට අරමුණු කරගෙන ඇති අතර ඊ-වාණිජ්‍යය, සංචාරක, ක්‍රෙඩිට් කාඩ් සහ සුරැකුම්පත් වැනි විවිධ සේවාවන් මෙම සාමාජිකත්වය හරහා සම්බන්ධ කිරීම සිදු කෙරේ.
තීව්ර වන තරඟකාරිත්වය මධ්‍යයේ IPO හරහා ස්වකීය මූල්‍ය සම්පාදනය කිරීම මඟින් ඒකකය විසින් සපයනු ලබන සේවාවන්හි ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට Rakuten Group අපේක්ෂා කර ඇති බව වාර්තා වේ .