Kishida ගේ කැබිනට් සහාය 51% දක්වා වාර්තාගත ලෙස පහත වැටේ


ජපාන අගමැතිගේ කැබිනට් සහාය අඩුවේ

.

පසුගිය ජුලි මාසයේදී මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අතරතුර නාදුනන වෙඩික්කරුවෙකු අතින් ඝාතනයට ලක් වූ හිටපු අගමැති Shinzo Abe වෙනුවෙන් රාජ්‍ය අවමංගල්‍යය උත්සවයක් පැවැත්වීම සඳහා වත්මන් අගමැති Fumio Kishida ගේ නායකත්වයෙන් යුතු රජය ගත් තීරණයත් සමග, ඔහුගේ කැබිනට් මණ්ඩලය සඳහා වූ අනුමත ශ්‍රේණිගත කිරීම සති කිහිපයකට පෙර පැවති වාර්තාගත 63.2% සිට 51.0% අගයක් දක්වා පහත වැටී ඇති බව Kyodo News විසින් සිදුකරන ලද සමීක්ෂණයක් මගින් ඉරිදා හෙළිවී තිබේ .

 

එවැනි අවමංගල්‍යය උත්සවයක් පැවැත්වීම සඳහා අත්‍යාවශ්‍ය නීතිමය ප්‍රතිපාදන නොමැති බව පවසමින් මෙහිදී ප්‍රතිචාර දැක්වූවන්ගෙන්  53.3% ක් උත්සවය සඳහා තම විරුද්ධත්වය පළ කළ අතර 61.9% ක් කියා සිටියේ උත්සවය පැවැත්වීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය වන බවයි.

 

සති අන්තයේ පැවැති දෙදින ජාතික දුරකථන සමීක්ෂණයේ අනුමත ශ්‍රේණිගත කිරීම් වලට අනුව 2021 ඔක්තෝබර් මාසයේදී පළමු වරට Kishida ගේ පරිපාලනය දියත් කිරීමෙන් අනතුරුව හිමිවූ අඩුම අගය ලෙස මෙය සැලකේ

97 Views

Comments