සමාජ ආරක්ෂණ සහ බදු කාඩ්පතක් ලෙස දැනට භාවිතයේ පවතින "My Number" කාඩ්පත සෞඛ්‍ය රක්ෂණ කාඩ්පතක් ලෙස සායන සහ රෝහල්වල භාවිතය ප්‍රවර්ධනය කිරීම මගින් සාමාන්‍ය සෞඛ්‍ය රක්ෂණ කාඩ්පත් අහෝසි කිරීමට ජපාන රජය ඉලක්ක කර ඇති බව වාර්තා වේ.
මෙය ජුනි මාසයේදී අවසන් කිරීමට නියමිත ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ මූලික සැලැස්මේ සඳහන් කිරීමට රජය සලකා බලමින් සිටින අතර මෙලෙස My Number කාඩ්පත් ප්‍රවර්ධනය කිරීම " ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් ජපානයේ වෛද්‍ය සහ හෙද සේවා ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළුව රජයේ 'ඩිජිටල් පරිවර්තන' ප්‍රවර්ධන වැඩසටහනේ කොටසක්" ලෙස ක්‍රියාත්මක වේ.
මෙම My Number කාඩ්පත යන්ත්‍රයකින් ස්කෑන් කිරීම මගින් වෛද්‍ය ආයතනවලට කාඩ්පත් හිමියාගේ අනන්‍යතාව තහවුරු කළ හැකි අතර, විශේෂිත වෙබ් අඩවියකින් හෝ යෙදුමකින් රෝගියාගේ බෙහෙත් වට්ටෝරු සහ වෛද්‍ය බිල්පත් ඉතිහාසය පරීක්ෂා කිරීමට හැකි වේ.