පාසලේදී සිය මිතුරෙකුට කතුරකින් ඇන තුවාල කළ සිසුවා


තම පාසල් සගයාට කතුරකින් ඇන තුවාල කිරීමට තැත්කළ සිසුවකු අත්අඩංගුවට පත්වෙයි

.

Nara ප්‍රාන්තයේ පාසලක විවේක කාලයේදී මිතුරන් දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මිතුරාගේ පිටුපස ප්‍රදේශයට කතුරකින් ඇන තුවාල කිරීම සම්බන්ධයෙන් Yoshino හි පොලීසිය විසින් සැකපිටv14 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

 

සඳුදා පෙරවරු 10.50 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති බවත් පිරිමි ළමයා මිතුරාගේ පිටුපසට දෙවරක් කතුරෙන් ඇන ඇති බවත් පොලිස්‌ නිලධාරීන් පැවැසීය. 

 

තුවාල ලැබූ සිසුවාගේ කෑගැසීම ඇසී ගුරුවරයෙකු පැමිණ පහර දුන් සිසුවා යටපත් කර ඇති අතර වෙනත් සේවකයෙකු 119 අමතා සිදුවීම පිළිබඳව දැනුවත් කොට තිබේ. රෝහල් ගත කළ සිසුවාගේ තුවාල ජීවිතයට තර්ජනයක් නොවන බව වෛද්‍යවරු පැවැසීය.

150 Views

Comments