Corona වසංගතය හේතුවෙන් එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, කැනඩාව සහ හොංකොං ඇතුළු රටවල් 36 ක් සහ ප්‍රදේශ සඳහා පනවා තිබු සංචාරක අනතුරු ඇඟවීම ජපානය විසින් බ්‍රහස්පතින්දා දින ලිහිල් කර ඇති අතර, ජපාන පුරවැසියන් හට කමැති ලෙස සංචාර වල නිරත වීමට අවස්ථාව සලසා දී තිබේ.
විදේශ අමාත්‍යාංශය තායිලන්තය, වියට්නාමය, සිංගප්පූරුව සහ මැලේසියාව ඇතුළු රටවල් සඳහා සංචාරක උපදේශන එහි සිව්-ලක්ෂ්‍ය පරිමාණයේ තුන්වන ඉහළම මට්ටමේ 2 සිට 1 මට්ටම දක්වා පහත හෙලූ අතර, එම කලාපවල සංචාරය කරන ජපන් ජාතිකයින්ට “සම්පූර්ණයෙන්ම රැඳී සිටින ලෙස" උපදෙස් ලබා දී ඇත.
“සමස්තයක් ලෙස, නව ආසාදිත රෝගීන්ගේ සහ මරණ සංඛ්‍යාව පහත වැටීමේ ප්‍රවණතාවක් මෙන්ම දරුණු රෝග ලක්ෂණ හා මරණවලට ගොදුරු වීමේ අවදානම පහව යනු දක්නට ලැබේ” යනුවෙන් සංචාරය සදහා පනවා තිබූ නීති ලිහිල් කිරීම පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය කියා සිටියේය.