රුසියාව විසින් යුක්රේනයේ රෝහල් සහ අනෙකුත් සෞඛ්‍ය සේවා පහසුකම් වලට එල්ල කරන ප්‍රහාර සියල්ලම "ප්‍රබලම වචනවලින්" හෙලා දකිමින් රුසියාව, චීනය, උතුරු කොරියාව සහ සිරියාව යන රටවල් 12 ට විරුද්ධව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකයන් එක්ව නව යෝජනාවක් බ්‍රහස්පතින්දා දින සම්මත කොට තිබේ.
යුක්රේනය විසින් මෙහෙයවන ලද මෙම යෝජනාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රුසියාවේ ඡන්ද අයිතිය අත්හිටුවීම වැනි නිශ්චිත ක්‍රියාමාර්ග කිසිවක් ගෙන නොමැති නමුත් සෞඛ්‍ය පහසුකම්වලට එල්ල කරන ප්‍රහාර නතර කරන ලෙස Moscow නගරයෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ .
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් යුක්රේනයේ සෞඛ්‍ය සේවා පහසුකම් වලට සහ පුද්ගලයින්ට එල්ල වූ ප්‍රහාර 263 ක් තහවුරු කරගෙන ඇති අතර, එහිදී පුද්ගලයන් 75 දෙනෙකු මිය ගොස් 59 දෙනෙකු තුවාල ලබා ඇත. මෙනිසා වෛද්‍ය සේවකයින්ට සහ මානුෂීය ප්‍රදේශවලට සම්බන්ධ පුද්ගලයින්ට ආරක්ෂාව සපයන ලෙස යුක්රේනය නායකයා බලවත් රාජ්‍ය වලින් ඉල්ලා සිටියේය.