නව යොවුන් වියේ පසුවන ගැහැණු ළමයෙකුට ලිංගික අතවර කිරීමේ අරමුණින් මනස වියවුල් කළ බව කියන 74 හැවිරිදි පුරුෂයෙකු සහ ඔහුගේ හිටපු භාර්යාවන්ගෙන් එක් අයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
විමර්ශකයන්ට අනුව හිරෝහිතෝ ෂිබුයා නම් අදාල සැකකරු සහ ඔහුගේ හිටපු බිරිඳ චියාකි ගැහැණු ළමයාට බලහත්කාරයෙන් ලිංගික සංසර්ගයේ යෙදවීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
දැරිය ඔහු සමඟ සම්බන්ධයක් ඇති කර නොගතහොත් පිටසක්වල ජීවීන් විසින් ඇයව පැහැරගෙන යනු ඇති බවට ඔහු දැරියකට පවසා තිබේ.
දැරිය ඔහුව විශ්වාස කර නැවත පැමිණෙන බවට පොරොන්දු වූ නමුත් ඇගේ පවුලේ අය සහ මිතුරන් ඇයව ඒ වෙනුවට පොලිසියට යන ලෙස පොළඹවාගෙන ඇත.