Kazu I නිරීක්ෂණයට වරෙන්තුවක් ලබා ගත් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව


ජපාන වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ගිලී ගිය බෝට්ටුව නිරීක්ෂණයට වරෙන්තුවක් ලබා ගනී

.

මුහුදු පත්ලේ තිබියදී මැයි 27 දින ජපාන වෙරළාරක්ෂක බලකාය විසින් ගලවාගත් Kazu I සංචාරක යාත්‍රාව මේ වනවිට Abashiri වරායේ නැංගුරම් ලා ඇති පැතලි බෝට්ටුවක් මතට ඔසවා තබා ඇති අතර විමර්ශකයින් Kazu I හි ක්‍රියාකරු වන Shiretoko Pleasure Boat හි සභාපති වන Seiichi Katsurada සමඟ  යාත්‍රාවේ නිරීක්ෂණ කටයුතු වලට සම්බන්ධ වීමට නියමිතය .  

 

යාත්‍රාවට සිදුවූ අලාභහානි පිළිබඳව සොයා බැලීම මෙන්ම නියමිත ආරක්‍ෂිත උපකරණ යාත්‍රාවේ තබා තිබුණේද යන්න පිළිබඳව සොයා බැලීමට වෙරළාරක්‍ෂක නිලධාරීන් මෙහිදී පියවර ගෙන තිබේ. 

 

වෙරළාරක්ෂක නිලධාරීන්ට සාමාන්‍යයෙන් විමර්ශනයක් කිරීමට වරෙන්තුවක් අවශ්‍ය නොවන නමුත් Kazu I හි පරීක්ෂණ කටයුතු සඳහා නිලධාරීන් අසාමාන්‍ය ලෙස වරෙන්තුවක් ලබාගෙන ඇති බව වාර්තා වේ.

113 Views

Comments