ජපානයේ උරුමයක් බවට පත්වූ Tokyo ක්‍රීඩාංගණය


ලෝකයෝ ක්‍රීඩාංගනය ජපානයේ ජාතික උරුමයක් බවට පත් වෙයි

.

ඔලිම්පික් උළෙලේ වැදගත් ද්‍රව්‍යමය උරුමයක් ලෙස සැලකෙන Tokyo ජාතික ක්‍රීඩාංගනය එහි අවිනිශ්චිත අනාගතය හේතුවෙන් මේ වනවිට රටේ බදු ගෙවන මහජනතාවට බරක් බවට පත්ව ඇති බව වාර්තා වේ. 

 

අප්‍රේල් 21 දින සභා මන්ත්‍රී මණ්ඩලයේ පැවති කමිටු රැස්වීමකදී ක්‍රීඩාංගනයේ අනාගත ප්‍රයෝජනය පිළිබඳ පලමු වරට ප්‍රශ්නයක්  මතු වූ අතර " ක්‍රීඩාංගණය ඉදිරි කාලයේදී පාඩු ලබන උරුමයක් වනු ඇති බවට කනස්සල්ලක් පවතින බව" ජපානයේ විරුද්ධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන Renho පැවැසීය. 

 

බදු ගෙවන්නන්ගේ පිරිවැය අඩු කිරීම වෙනුවෙන් ඔලිම්පික් උළෙලෙන් පසු ක්‍රීඩාංගණය පුද්ගලීකරණය කිරීමට මුලින් අදහස් කර තිබුණද ආරක්ෂක හේතූන් මත ක්‍රීඩාංගනයේ සවිස්තරාත්මක සැලසුම්, උනන්දුවක් දක්වන ව්‍යාපාරවලට හෙළි කිරීමට නොහැකි වූ බැවින් එළැඹෙන ඔලිම්පික් උළෙල නිමාවන තුරු දින නියමයක් නොමැතිව මෙම ව්‍යාපෘතිය කල් දමා තිබේ .

103 Views

Comments