එළඹෙන මාර්තු මාසයේ සිට සියලුම හොංකොං වාසීන්ට covid නයින්ටීන් පරීක්ෂාව සිදුකරන බව එරට රජය දන්වා සිටී.
එරට ප්‍රධාන විධායක Carrie Lam පවසා සිටි පරිදි මිලියන 7.4 ක් වූ එරට සියලු ජනතාව එකිනෙකාගේ covid පරීක්ෂණ තුන් වතාවක්වත් අනිවාර්යෙන්ම සිදුකළ යුතු බව ආරංචි මාර්ග පවසයි . ඇය තවදුරටත් පවසා සිටියේ චීනයේ ද සහයෝගය ඇතිව දිනකට එරට තුළ covid පරීක්ෂණ මිලියනයක් පමණ සිදු කිරීමට අදාල අධිකාරීන් සැලසුම් කර ඇති බවයි.
කොවිඩ් හේතුවෙන් සීමා කෙරුණු ඇතැම් ව්‍යාපාර සහ ජනතාව එක්රැස්වීම් අප්‍රේල් අග භාගය වන තෙක් එලෙසම පවතින බවත් උෂ්ණ කාලය හේතුවෙන් ලබා දෙන පාසල් නිවාඩුව අප්‍රේල් අග දක්වා දීර්ඝ කර තැබීමට සැලසුම් කර ඇති බවත් නිවේදනය කර ඇත.