ජපානයේ ස්ට්රයිඩර්ස් ආයතනය සහ සොෆ්ට්ලොජික් කොටස් තැරැව්කරුවන්ගේ ආයතනය, ශ්රී ලංකා තානාපති කාර්යාලය හා එක්ව "Sri Lanka Crisis The Way Forward" යන මැයෙන් මාර්ගගත වැඩසටහනක් පසුගිය බදාදා, 2022 අගෝස්තු 31 වැනිදා පවත්වන ලදී. ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා, මෙම වැඩසටහනෙහි ප්රධාන දේශනය සිදුකරන ලදී. එහිදී ශ්රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පැහැදිලි කල ආචාර්ය වීරසිංහ මහතා, රටෙහි අනාගතය වෙනුවෙන් රජයේ වැඩපිළිවෙල සහ ආයෝජකයින් සඳහා ඇති ආයෝජන අවස්ථා පිළිබඳව ද දැනුවත් කළේය.