Tokyo ජාතික ක්‍රීඩාංගණයේ පැවැති ජපාන රග්බි League One තරගාවලියේ සමාරම්භක අවසන් මහා තරගයේදී Saitama Panasonic Wild Knights කණ්ඩායමේ ක්‍රීඩකයන් විසින් ලකුණු 18-12ක් ලෙස Suntory Sungoliath කණ්ඩායම පරාජය කොට සිය ජයග්‍රහණය තහවුරු කරගෙන තිබේ .
Wild Knights කණ්ඩායමේ 'center' ලෙස ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවේ උපන් Dylan Riley විසින් 73 වැනි මිනිත්තුවේදී සිය කණ්ඩායම ජයග්‍රහණයේ මාවත කරා ගෙන යමින් තීරණාත්මක උත්සාහක දිනුමක් වාර්තා කළේය.
ඕස්ට්‍රේලියාවේ Gold Coast හි උපත ලද 25 හැවිරිදි ජපන් ජාත්‍යන්තරය වූ Riely විසින් Wild Knights කණ්ඩායමේ ආතති සහගත අවසන් තරඟයේ අවසාන සීමාව පසු කළ අතර ජපාන දේශීය League තරගාවලියේ ප්‍රමුඛතම කණ්ඩායම ලෙස ඔවුන්ගේ තත්ත්වය ආරක්ෂා කර ගැනීමට සමත් විය.