ඉරිදා අලුයම 2:30 ට පමණ Shiroshi Ward හි Lawson වෙළඳසලකින් සොරකම් කරන ලද භාණ්ඩ 25 ක් රැගෙන සේවකයකුට මරණ තර්ජන එල්ල කර පලා යාමට උත්සාහ කළ පුද්ගලයකු සොයා Sapporo හි පොලිසිය මේ වනවිට මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ .
මෙම පුද්ගලයා අදාළ වෙළඳසැලට පැමිණ සාප්පු කූඩයක් රැගෙන එයට Bento , පාන්, ටින් බීම සහ යෙන් 5,000 ක් පමණ වටිනා වෙනත් ද්‍රව්‍ය එහි දමා ගැනීමට පටන් ගන්නා ආකාරය මෙන්ම භාණ්ඩ රැගෙන අවසානයේ මුදල් නොගෙවා කඩිමුඩියේ ගබඩාවෙන් පිටව යන ආකාරය ද වෙළඳසැල් නිරීක්ෂණ කැමරා දර්ශනවල සටහන්ව ඇති බව පොලිසිය සඳහන් කළේය .
වෙළෙඳසැලේ සිටි 58 හැවිරිදි පිරිමි සේවකයෙක් එම පුද්ගලයා පසුපස ලුහුබැඳ ගිය නමුත් ඔහු සේවකයාට පිහියක් පෙන්වා තර්ජනය කර, පසුබසින ලෙසත් නැතිනම් ඔහුව මරා දමන ලෙසත් පවසා තිබේ. ඔහු සිය බයිසිකලයට නැගී පලායාමට උත්සාහ දරන විටදී සාප්පු කූඩය පෙරළී ගොස් සොරකම් කරන ලද භාණ්ඩ පදික වේදිකාවට විසිරී ගිය බැවින් සොරකම් කරන ලද භාණ්ඩ කිසිවක් නොමැතිව ඔහුට පිටව ගොස් තිබේ.