නව සම්බාධක පැනවීමට අපොහොසත් වූ එක්සත් ජාතීන්ගේ  සංගමය


එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවේ මිසයිල් අත්හදා බැලීමට එරෙහිව සම්බාධක පැනවීමට අපහසු වේ

.

මැයි 30 වන සඳුදා දින පැවැති ප්‍රධාන සංවර්ධිත රටවල් හතේ කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ සාකච්ඡාවලදී ඔවුන් ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය උතුරු කොරියාවේ නවතම මිසයිල අත්හදා බැලීමට එරෙහිව දැඩි සම්බාධක පැනවීමට අපොහොසත් වීම ගැන තමන් දැඩි කනගාටුව පළ කරන බවයි .

 

" Pyongyang's විසින් පසුගිය බදාදා අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලීම අපි ප්‍රබලම වචන වලින් හෙළා දකිනවා. එය ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව අඩාල කිරීමට සමත් ක්‍රියාවකි"  යනුවෙන් අත්හදා බැලීම සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වමින් බ්‍රිතාන්‍යය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් ජනපදය සහ යුරෝපා සංගමයේ අමාත්‍යවරුන් එක්ව ප්‍රකාශයක් නිකුත් කලහ. 

 

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් වලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට සහ එහි තර්ජනාත්මක ක්‍රියාවන් හෙළා දැකීමට "එක්සත් ස්ථාවරයක් සහ ආරක්ෂිතව වැදගත් ක්‍රියාමාර්ග ගැනීම ඇතුළුව ජාත්‍යන්තර ප්‍රජාවේ එක්සත් ප්‍රතිචාරයක් අවශ්‍ය වන බැවින්"  තමන් හා එක්වන ලෙස G-7 අමාත්‍යවරු පසුගියදා එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජිකයින්ගෙන්  ඉල්ලා සිටියහ.

Comments