වැරදීමකින් වෙබ් අඩවියට නිකුත් වූ COVID ආසාදිතයින්ගේ නාම ලේඛනය


කොරෝනා ආසාදිතයන් ගෙ නාමලේඛනය වැරදීමකින් වෙබ් අඩවියට මුදා හැරේ

.

Corona වෛරසය සඳහා වූ පරීක්ෂාවෙන් ආසාදිතයින් ලෙස හදුනා ගත් පුද්ගලයින් 81 දෙනෙකුගේ නම් වැරදීමකින් තම වෙබ් අඩවියේ මුදා හැර ඇති බව උතුරු ජපානයේ Hokkaido නගරය විසින් මැයි 29 වන දින නිවේදනය කළේය.

 

Hakodate නාගරික රජයට අනුව මැයි 27 දින COVID-19 ආසාදනය වී ඇති බවට තහවුරු වූ පුද්ගලයින්ගේ නම් සහ ස්ත්‍රී පුරුෂ භාවය ඊට පසු දින එනම් මැයි 28 වන දින එහි වෙබ් අඩවියේ  සවස 3.30 සිට විනාඩි 30 ක පමණ කාලයක් ප්‍රසිද්ධියට පත් වීමෙන් මෙම වරද සිදුවී තිබේ . ප්‍රදේශවාසියෙකු නගර සභාවට මේ පිළිබඳව දැනුම් දීමෙන් පසුව අනතුර අනාවරණය වී වරද නිවැරැදි කරන ලදී. .

 

“පුද්ගලයින් 81 දෙනාට කරදර කිරීම සම්බන්ධයෙන් අපි අපගේ සමාව අයදිමු. පුර්ව ප්‍රකාශන දත්ත බහු කාර්යමණ්ඩලයක් මගින් පරීක්‍ෂා කිරීමෙන් එවැනි සිදුවීමක් නැවත සිදුවීම වැළැක්වීමට අපි වග බලා ගන්නෙමු” යනුවෙන් නාගරික රජයේ සෞඛ්‍ය හා සුබසාධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී Jun Oizumi පැවසීය.

Comments