උද්ධමනය තිබියදීත් තිරිඟු මිල නොවෙනස්ව තබා ගැනීමට ජපානය කටයුතු කරයි.


ජපානයේ තිරිඟු මිල වෙනස් නොකර පවත්වාගෙන යාමට කටයුතු කෙරේ

.

උද්ධමනය ඉහළ යාම නොතකා ආනයනය කරන ලද තිරිඟු ඇඹරුම් සමාගම්වලට ඔක්තෝම්බර් මාසයේ සිට අලෙවි කරන සාමාන්‍ය මිල නොවෙනස්ව තබා ගැනීමට ජපාන රජය සැලසුම් කර ඇති බව නිලධාරියෙක් සෙනසුරාදා ප්‍රකාශ කර ඇත.

 

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ පාන් සහ නූඩ්ල්ස් වැනි තිරිඟු නිෂ්පාදනවල මිල ඉහළ යාමෙන් පීඩා විඳින කුටුම්භයන්ගේ බර ලිහිල් කිරීම මෙම සැලසුමේ අරමුණ වේ.

 

රජය විසින් ආනයනික තිරිඟු වල විකුණුම් මිල අපේ‍්‍රල් මාසයේදී සාමාන්‍ය සියයට 17.3කින් ටොන් එකකට යෙන් 72,530 දක්වා ඉහළ නැංවූ අතර එය 2007 වසරේ වත්මන් ගණනය කිරීමේ ක‍්‍රම අනුගමනය කිරීමෙන් පසු දෙවන ඉහළම මට්ටම බව සඳහන් වේ.

127 Views

Comments