සංචාරය අතරතුරදී COVID-19 ආසාදනය වූ තායි ජාතිකයෝ


ජපාන සංචාරයක් අතරතුර තායි ජාතිකයන් පිරිසක් කොරෝනා ආසාදනය වේ

.

Fukuoka හි Tenjin විනෝදාස්වාද දිස්ත්‍රික්කය මෙන්ම Oita හි Onsen උණු දිය උල්පත් නිකේතනය නැරඹීමේ අරමුනින් සිකුරාදා ටෝකියෝ හි Haneda ගුවන් තොටුපළ හරහා Fukuoka ගුවන් තොටුපළට පැමිණි තායිලන්ත සංචාරකයෙකු Oita හි නිරිතදිග ප්‍රාන්තයේ රැදී සිටියදී සඳුදා උදෑසන තමාට උගුරේ අමාරුවක් වැළඳී ඇති බවට පැවැසීමත් සමඟ වෛද්‍ය ආයතනයකදී ඔහුට ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් සිදු කොට ඇති අතර එමඟින් ඔහු COVID-19 ආසාදිතයකු බවට තහවුරු කරගෙන තිබේ.

 

මේ අතර අනෙක් තායිලන්ත සංචාරකයින් තිදෙනා ඔහුගේ සමීපතමයන් ලෙස සලකා ඔවුන්ද ප්‍රතිදේහජනක පරීක්ෂණ  වලට යොමු කොට ඇත. එහිදී ඔවුන් සෘණාත්මකව බව පරීක්‍ෂා කර ඇති නමුත් තායිලන්තය සාමාජිකයන් සිව්දෙනාගේම සංචාරය අවලංගු කොට මේ වන විට හෝටලයක හුදකලා කර ඇති බව ජපාන සංචාරක ඒජන්සිය පැවැසීය. 

 

“ආසාදන මාර්ගය නොදන්නා නමුත් ආසාදනය පිළිබඳ ආරම්භක ප්‍රතිචාරය හොඳින් හසුරුවා ඇති බව අපි විශ්වාස කරමු” යනුවෙන් ජපාන සංචාරක ඒජන්සියේ නිලධාරියෙක් මේ පිළිබඳව අදහස් දක්‌වමින් සඳුදා ප්‍රකාශ කළේය.

116 Views

Comments