ටෝකියෝ නුවර හෝටලයකදී අසූ දෙහැවිරිදි පුද්ගලයෙකු පිහි ඇනුම් සිදුකර මරණයට පත්කළ 24 හැවිරිදි කාන්තාවක් , 29 හා 24 හැවිරිදි පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් පොලිසිය විසින් පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගෙන තිබිණි.
Fuji TV වාර්තාවන්ට අනුව Katsuzo Kono නම් මරණයට පත්වූ පුද්ගලයා Ikebukuro ප්රදේශයේ පිහිටි මෙම හෝටලයේ දහවන තට්ටුවේ පිහිටි කාමරයක් තුළ මරා දමා සිටියදී සොයාගෙන තිබුණි .ඔහුගේ පපු ප්රදේශයට සහ කලවා ප්රදේශවලට දරුණු ලෙස පිහි ඇනුම් කර තිබූ අතර සොයා ගන්නා අවස්ථා වනවිටත් ඔහු මරණයට පත් වී තිබී ඇත.