සයිබීරියානු යුද්ධයේදී මියගිය ජපන් ජාතිකයන් සෙවීමේ කටයුතු වලට බාධා කළ රුසියාව


දෙවන ලෝක යුද්ධයෙන් මියගිය සොල්දාදුවන්ගේ දේහ කොටස් හා නටඹුන් රැස් කිරීම රුසියාවෙන් තහනම් කරයි

.

දෙවන ලෝක යුද්ධයෙන් පසු සයිබීරියාවේදී මියගිය ජපන් රැඳවියන්ගේ දේහ කොටස් එකතු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද පර්යේෂණ හා නටබුන් එකතු කිරිමේ ව්‍යාපෘතිය රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය නිසා අඛණ්‌ඩව පවත්වාගෙන යාමට ජපාන රජයට අපහසු වී ඇති බව වාර්තා වේ. 

 

යුධ සමයේදී එවකට සෝවියට් සංගමයේ මෙන්ම මොංගෝලියාවේ  රැදී සිටි ජපන් ජාතිකයින් 54,000 ක් පමණ ජීවිතක්ෂයට පත් වූ අතර යුද්ධයෙන් මියගිය 32,000 කගේ පමණ දේහය තවමත් එකතු කර නොමැති බව ජපාන රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය .

 

ආන්ඩුව මෙතෙක් පැරණි සෝවියට් ජනරජවල, මියන්මාරය සහ මරියානා දූපත් ඇතුළු ජපානයට දකුණින් පිහිටි යුධ පිටි වල යුද්ධයෙන් මියගිය ජපාන ජාතිකයන්ගේ දේහයන් එකතු කර ඇති අතර රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය ආරම්භ වන විට Saipan ඇතුළු ජපානයට දකුණින් පිහිටි ප්‍රදේශවල නටබුන් එකතු කිරීම ආරම්භ කොට තිබිණි.

91 Views

Comments