රූපලාවන්‍ය ශිල්පීන් ලෙස සේවය කිරීමට විදේශිකයන්ට අවසර දුන් ජපාන නගරය


ජපානයේ රූපලාවණ්‍ය ශිල්පීන් ලෙස විදේශිකයන්ට කටයුතු කිරීමට අවස්ථාව දීමට තීරණය කරයි

.

ජපානයේ රූපලාවන්‍ය ක්ෂේත්‍රය විදේශිකයන්ට විවෘත වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් ජාතික නියාමන යෝජනා ක්‍රමයක් භාවිතා කොට ඔක්තෝබර් මාසයේ සිට ටෝකියෝ අගනගරය තුළ සිටින විදේශිකයන්ට රූපලාවන්‍ය ශිල්පීන් ලෙස ක්‍රියාකිරීමට හැකියාවන බව නාගරික රජය සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 

 

මේ යටතේ ජපානයේ රූපලාවන්‍ය විද්‍යාලවල රූපලාවන්‍ය ශිල්පීන් සහ මෝස්තර ශිල්පීන් වීමට කුසලතා ප්‍රදර්ශනය කර ඇති ශිෂ්‍ය වීසා බලපත්‍ර මත රට තුළ රැදී සිටින විදේශීය පුරවැසියන්ට කේෂ්ත්‍රයේ අත්දැකීම් ලබා ගැනීම සඳහා වසර පහක සේවා කාලයක් සදහා අවසර හිමිවේ .

 

"ජපානයේ රූපලාවන්‍ය ක්ෂේත්‍රය ලෝකයේ හොඳම එකකි. ඔවුන් ටෝකියෝ නගරයේදී ඉගෙන ගන්නා උසස් ශිල්පීය ක්‍රම සහ සත්කාරක කුසලතා යොදාගනිමින් ඒවා ලෝකය සමඟ බෙදා ගන්නා ආකාරය දැකීමට මට අවශ්‍යයි" යනුවෙන් ටෝකියෝ ආණ්ඩුකාර Yuriko Koike මාධ්‍ය හමුවකදී පැවසීය.

156 Views

Comments