ස්ත්‍රී පුරුෂ භාවයකින් තොරව භාවිතයට ගත හැකි නව පිහිනුම් ඇඳුම


ජපාන සමාගමක් unisex පිහිනුම් ඇඳුම් කට්ටලයක් හඳුන්වා දෙයි

.

Tokyo අගනුවර පිහිටි පිහිනුම් උපකරණ සහ අනෙකුත් නිෂ්පාදන නිපදවන්නෙකු සහ අළෙවිකරුවෙකු වන Footmark සමාගම විසින් පාසල් පිහිනුම් පාඩම් සඳහා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව භාවිතයට ගත හැකි එකම මෝස්තරයේ  පිහිනුම් ඇඳුමක් හදුන්වා දී ඇති බව වාර්තා වේ . 

 

පිහිනුම්කරුවන්ගේ සම UV කිරණවලට නිරාවරණය වීම අඩු කිරීම මෙන්ම ශරීරය ආවරණය වන පරිදි අපහසුවකින් තොරව පිහිනුම් කටයුතු වල යෙදීමට අවස්ථාව සලසා දීම සමාගම මෙවැනි නිෂ්පාදනයක් හදුන්වා දීමට හේතුව ලෙස දක්වා ඇත. 

 

මෙම පිහිනුම් ඇඳුම සරල නිල් පැහැයෙන් යුක්ත වන අතර , දිගු අත් සහිත අර්ධ උස කලිසම් වලින් සමන්විත වේ. එහි පපුවේ සහ ඉණ ප්‍රදේශයේ ඉඩකඩ ඇති බැවින් ස්ත්‍රී සහ පුරුෂ ලෙස ශරීර හැඩයේ වෙනස්කම් වෙන් කර හදුනාගැනීමට අපහසු වේ.  සිරුරේ රේඛා සඟවා ඇති ලිහිල් මෝස්තරය මගින් පිහිනීමට බාධාවක් නොවන ලෙස වාතය උද්ධමනය වීම වැළැක්වීමට දෙපස ඉණ අසල සිදුරු තබා ඇති අතර, කලිසම තෙත් විමෙන් බර වැඩිවීම වැළැක්වීම සඳහා ජල විකර්ෂක නිමාවක් ලබා දී තිබේ.

129 Views

Comments