රුසියාවේ යුක්රේන ආක්‍රමණයට සමගාමීව ඉහළ යන ඉන්ධන සහ ආහාර මිල ගණන් පාලනය කිරීමේ අරමුණින් 2022 මූල්‍ය වර්ෂය සඳහා යෙන් ට්‍රිලියන 2.7 ක අමතර අයවැයක් ජපාන පාර්ලිමේන්තුව විසින් අඟහරුවාදා සම්මත කොට තිබේ.
නව අයවැය හරහා අප්‍රේල් මස අගදී පිහිටුවන ලද යෙන් ට්‍රිලියන 6.2 ක හදිසි ආර්ථික පැකේජයේ කොටසක් මූල්‍යනය කිරීමට නියමිතව ඇති අතර ඉහළ යන සිල්ලර හා පෙට්‍රල් මිල ගණන් පහත හෙලීම සඳහා තෙල් තොග වෙළෙන්දන්ට සහනාධාර ලබාදීම වැනි ක්‍රියාමාර්ග ගැනීම මෙහිදී සිදු කෙරේ .
2022 මූල්‍ය වර්ෂය සඳහා රජය සිය සංචිත අරමුදල්වලින් යෙන් ට්‍රිලියන 1.5ක් පමණ යොදවා සහන පැකේජයේ පියවරයන් ක්‍රියාත්මක කිරීමට දැනටමත් තීරණය කර ඇති බැවින් එම මුදල් ප්‍රමාණය අයවැය හරහා නැවත රටේ මුදල් සංචිතයට යෙදවීමට පියවර ගෙන තිබේ.