සිය පෙම්වතාට පිහියෙන් ඇන ඝාතනය කිරීමට තැත් කළ පෙම්වතියක්


තම පෙම්වතාට පිහියෙන් ඇන මරා දැමීමට තැත් කළ පෙම්වතිය අත්අඩංගුවට පත්වේ

.

පසුගිය සිකුරාදා උදෑසන 10.40 ට පමණ Chuo Ward හි පිහිටා ඇති සිය පෙම්වතාගේ මහල් නිවාසයේදී 42 හැවිරිදි වියේ පසුවන පෙම්වතාට පිහියෙන් ඇන ඝාතනය කිරීමට තැත් කළ බවට සැකපිට Hyogo ප්‍රාන්තයේ Amagasaki හි පදිංචිව සිටි අර්ධකාලීන සේවිකාවක් වන Kyoka Ueda නමැති 24 හැවිරිදි පෙම්වතිය Osaka පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 

 

දෙදෙනා අතර ආරවුල ඇති කර ගන්නා විට ඇය සහ ඇගේ පෙම්වතා අධික ලෙස මත්පැන් පානය කර සිටි බව මෙන්ම ඔහු කුස්සියෙන් පිහියක් ගෙනැවිත් තමා ඔහුගෙන් ඉවතට පැනීමට පෙර තමගේ අත කපා දැමූ බවත් අනතුරුව තමන් ඔහුගේ පිටට සහ බඩට පිහියෙන් ඇන්න බවත් ඇය පොලීසියට පවසා තිබේ. සැකකාර පෙම්වතිය ඇයට එරෙහිව එල්ල වී ඇති චෝදනාව පිළිගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. 

 

ඔහුව ඇද වැටීමෙන් පසු සැකකාර කාන්තාව 110 අමතා සිදුවීම පිලිබදව දැනුම් දී ඇත. පසුව පෙම්වතා රෝහල් ගත කර ඇති අතර එහිදී ඔහුගේ තුවාල ජීවිතයට තර්ජනයක් නොවන බව වෛද්‍යවරු පවසා තිබේ .

104 Views

Comments