2028 මූල්‍ය වර්ෂය වන විට එක්සත් ජනපද EV නිෂ්පාදන දැවැන්තයා වන Tesla Inc වෙතින් වැඩි ඉල්ලුමක් අපේක්ෂා කරන බැවින් සමාගමේ විදුලි වාහන බැටරි නිෂ්පාදිතය හතර ගුණයකින් වැඩි කිරීමට සැලසුම් කර ඇති බව Panasonic Holdings Corp. හි බැටරි නිෂ්පාදන ඒකකය බදාදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
සිය බැටරි නිෂ්පාදන ව්‍යාපාරය වර්ධන ක්ෂේත්රයක් ලෙස සලකන සමාගම 2023 මූල්‍ය වර්ෂය වනවිට Tesla Inc. වෙත "Panasonic Energy" සැපයීමේ අරමුණින් මීළඟ පරම්පරාවේ 4680 බැටරි සෛල නිෂ්පාදනය මහා පරිමාණයෙන් ආරම්භ කිරීම සඳහා බටහිර ජපානයේ Wakayama ප්‍රාන්තයේ පිහිටි සිය බලාගාරය ප්‍රතිසංස්කරණය කිරීමට මෙන්ම උතුරු ඇමරිකාවේ නව කර්මාන්තශාලා ඉදිකිරීම කෙරෙහි ද සිය අවධානය යොමුකර තිබේ .
"මීළඟ පරම්පරාවේ බැටරි නිෂ්පාදනය වැඩි දියුණු කිරීමෙන් මහජනතාවට EV හුරු කිරීමට සිය සමාගම බලාපොරොත්තු වන බව " Panasonic Energy හි සභාපති Kazuo Tadanobu ආයෝජක සබඳතා උත්සවයකදී අදහස් දක්වමින් පැවැසීය.