නිරූපිකාවකගේ අත්දැකීම් මතින් ලියැවුණු නවතම ග්‍රන්ථය


Reina Tanaka ඇයගේ අත්දැකීම් තුළින් ග්‍රන්ථයක් නිකුත් කරයි

.

කුඩා කල සිටම දෙමාපියන් නොමැතිව අනාථ නිවාසයක හැදී වැඩුණු Reika Tanaka වර්තමානයේදී නිරූපිකාවක් ලෙස මෙන්ම අනාථ දරුවන්ට ප්‍රවේශ විභාග සඳහා සහනාධාර සහ වෘත්තීය උපදේශනය වැනි අංශ වලින් රැකවරණය සපයන "Yumesapo" සංවිධානයේ නියෝජිත අධ්‍යක්ෂවරිය ලෙසද සේවය කරයි. 

 

දරුවන් රැකබලා ගන්නා ආයතන පිළිබඳ මිනිසුන්ගේ අවබෝධය පුළුල් කිරීමට උත්සාහ කරමින්, ඇගේ අත්දැකීම් ගොනු කරමින් රචනා කරන ලද නවතම ග්‍රන්ථයක් ජපානය පුරා පාසල්වලට පරිත්‍යාග කොට තිබේ. 

 

Tanaka ඇයගේ ග්‍රන්ථය "Jidoyogoshisetsu to iu Watashi no Ouchi"  එනම් "අනාථ නිවාසයක් වන මගේ නිවස" ලෙස නම් කර ඇති අතර "මෙවැනි ළමා ආයතන පවතින බව මිනිසුන් තේරුම් ගැනීමටත්, එහි ජීවත් වන ළමයින් පිළිබඳව ඔවුන් දැන ගැනීමත් මට අවශ්‍යය" යනුවෙන් ඇය නව ග්‍රන්ථිය පිළිබඳව අදහස් දක්‌වමින් පැවැසුවාය.

126 Views

Comments