ඡන්ද මිලදී ගැනීම හේතුවෙන් චෝදනා හිටපු මන්ත්‍රණ සභික Anri Kawai නිදි පෙති අධික මාත්‍රාවක් ගැනීම හේතුවෙන් රෝහල් ගත කර තිබුණි .
Anri Kawai තම ඥාතියකුට දුරකථන ඇමතුමක් ලබා දී පැවසූ දෙයක් හේතුවෙන් එම ඥාතියා ඇය සම්බන්ධව තොරතුරු පොලිසියට ලබා දී ඇත.ඉන් අනතුරුව පොලිසිය Anri Kawaiගේ නිවසට ලඟා වෙන මොහොත වන විටත් ඇය අධිකව නිද්‍රාශීලීව සිටි බැවින් වහාම ඇය රෝහල්ගත කර තිබිණි.රෝහල් ආරංචි මාර්ග වලට අනුව ඇය එකවර නිදි පෙති විස්සක් ලබාගෙන ඇති අතර එනමුදු ඇයට ජීවිත හානියක් සිදු වී නොමැත.
වර්ෂ 2021 ජනවාරි මාසයේදී මන්ත්‍රී ධූරයක් ලබා ගැනීමට මුදල් දී ඡන්ද ලබාගැනීම සම්බන්ධව චෝදනා ලැබ ඇය මාස දාසයක් හිරගෙදරට නියම වූ අතර ඇය තම වෘත්තීයෙන් වසර 5ක තහනමක් ලබා තිබුණි .පසුගිය ජුනි මාසයේදී ඇයගේ සැමියා වන හිටපු අධිකරණ අමාත්‍ය Katsuyuki Kawai මට වසර තුනක සිර දඬුවමක් නියම විය.