කථන ඉංග්‍රීසි පරීක්ෂණයට සහභාගී වීමට නොහැකි විභාග ප්‍රවේශකයන් වෙනුවෙන් ගත් නව ක්‍රියාමාර්ගය


කථන පරීක්ෂණයට සහභාගි වීමට හැකි නොවූ පුද්ගලයන් සඳහා වෙනත් ක්‍රියාමාර්ගයක් ගනියි

.

2023 වසන්ත ප්‍රවේශ විභාගයේදී හඳුන්වා දීමට නියමිත නව ඉංග්‍රීසි කථන පරීක්ෂණයට මුහුණ දිය නොහැකි වන Tokyo මෙට්‍රොපොලිටන් උසස් පාසල්වල සිසුන් වෙනුවෙන් ලකුණු ගණනය කිරීමේ නව ක්‍රමවේදයක් ටෝකියෝ මෙට්‍රොපොලිටන් අධ්‍යාපන මණ්ඩලය විසින් පසුගියදා පැහැදිලි කර තිබේ .

 

ඒ අනුව කිසියම් හේතුවක් නිසා විභාග අපේක්ෂකයින්ට කථන පරීක්ෂණයට පෙනී සිටීමට නොහැකි නම්, ලිඛිත පරීක්ෂණයෙන් ඔවුන් හා සමාන මට්ටමකින් ලකුණු ලබා ගත් අනෙකුත් සිසුන් කථන පරීක්‍ෂණයට හිමිකරගන්නා ලකුණු මට්ටම ඔවුන්ට ලැබේ. 

 

පසුගියදා පැවැති මෙට්‍රොපොලිටන් අධ්‍යාපන මණ්ඩලයේ නිත්‍ය රැස්වීමකදී එහි සාමාජිකයින් සඳහන් කළේ නව කථන පරීක්ෂණය පිළිබඳව සිසුන් සහ දෙමාපියන් කනස්සල්ල පළ කර ඇති බවයි.  

 

නමුත් අධ්‍යක්ෂ මණ්ඩල  සාමාජික Noriko Arai පෙන්වා දුන්නේ, "විභාගයට පිවිසෙන්නන්ට ප්‍රවේශ විය හැකි වෙබ් අඩවිවල ප්‍රශ්නෝත්තර ලැයිස්තුවක් පළ කළ යුතු අතර, ඔවුන්ට තනිවම අධ්‍යයනය කිරීමට උපකාර වන අන්තර්ගතයන් ප්‍රසිද්ධියට පත් කළ යුතු බවයි. එමෙන්ම එය  ඉංග්‍රීසියෙන් කතා කිරීමට දරුවන් පෙළඹවීමේ පරීක්ෂණයක් ලෙස සැලකිය යුතු" බවයි.

94 Views

Comments