සෝමාලියාවේ නොමියෙන සාගතය හමුවේ මියෙන ජීවිත


ලොව පුරා ආහාර අර්බුදය සෝමාලියාවට දැඩි බලපෑම් එල්ල කරයි

.

කිසිම මවකට තම දරුවා අහිමි නොවිය යුතු නමුත් දශක හතරක් පුරාවට දැඩිවම දැනෙන  නියඟය අප්‍රිකාවේ වියළි ප්‍රදේශය ආක්‍රමණය කර ඇති බැවින් මන්දපෝෂණයෙන් පෙළෙන කුඩා දරුවන්ගේ ජීවිත අහිමිවී යාම ආරම්භ වී තිබේ . 

 

වර්තමානය වනවිට  සෝමාලියාවේ බලධාරීන් සාගතය වැලැක්වීමේ දරුණු කර්තව්‍යයට මාරු වෙමින් සිටිය ද අවුරුදු 10ට අඩු බොහෝ දරුවන් බලධාරීන්ගේ අවධානයට ලක් නොවන ලෙස මිය යමින් සිටින අතර සමහරු දුරස්ථ එඬේර ප්‍රජාවන් තුළ මිය යයි. තවත් සමහරු උදව් පතා පැමිණෙන විට සිදුකරන කඳු තරණයේදී මිය යන අතර ඇතැමෙක් අවතැන් කඳවුරුවලට ගිය පසු පවා ආධාර කළ නොහැකි මන්දපෝෂණය හේතුවෙන් මරණයට පත්වේ. 

 

"අනිවාර්‍යෙන්ම දහස් ගණනක් මිය ගොස් ඇති . නමුත් සහාය දැක්වීමට ප්‍රමාණවත් තරම් දත්ත තවමත් පැමිණ නොමැත" යනුවෙන් සෝමාලියාවේ එක්සත් ජාතීන්ගේ මානුෂීය සම්බන්ධීකාරක Adam Abdelmoula අඟහරුවාදා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේය. 

 

COVID-19 වසංගතය සහ  රුසියාවේ යුක්‍රේන යුද්ධය වැනි ගෝලීය අර්බුද නිසා සෝමාලියාවට සැපයෙන මානුෂීය ආධාර ප්‍රමාණය අඩු වීම මෙන්ම තිරිඟු සහ පිසින තෙල් වැනි ප්‍රධාන ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් ඉතා ඉක්මනින් ඉහළ යමින් පැවැතීම යන කරුණු හේතුවෙන් නියඟයේ බලපෑම වඩාත් දරුණු ලෙස වැසියන්ගේ ජීවිත වලට බලපෑම් එල්ල කර තිබේ

119 Views

Comments