ආරක්ෂක අයවැය සම්බන්ධයෙන් වූ LDP ප්‍රතිපත්ති ප්‍රධානියාගේ යෝජනාව


ජපානයේ ආරක්ෂාව සඳහා වැය කරන මුදල වැඩි කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වේ

.

වර්තමානයේ උද්ගත වී ඇති අස්ථාවර තත්ත්වය හමුවේ "අභ්‍යවකාශ සහ සයිබර් ආරක්ෂණ" යන ක්ෂේත්‍ර වල වියදම් වැඩි කළ යුතු බැවින් ජපානයේ වාර්ෂික ආරක්ෂක අයවැය වෙනුවෙන් වෙන් කරන මුදල වත්මන් මුදල මෙන් දෙගුණයක් එනම් යෙන් ට්‍රිලියන 10 දක්වා වැඩි කළයුතු බව පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රධානියා ලෙස කටයුතු කරන Sanae Takaichi ප්‍රකාශ කළේය .

 

ජපානයට, චීනයේ වර්ධනය වෙමින් පවතින මිලිටරි ප්‍රබලත්වයට මෙන්ම උතුරු කොරියාවේ න්‍යෂ්ටික සහ මිසයිල තර්ජනවලට මුහුණ දීමට සිදුව ඇති මොහොතක අගමැති Fumio Kishida මේ වසරේ අයවැයෙන් "සැලකිය යුතු වැඩි වීමක් ලබා ගැනීමට" පසුගිය මාසයේ ප්‍රතිඥා දීමෙන් පසුව මෙලෙස යෝජනා ඉදිරිපත් කිරීම සිදුවිය. 

 

"අපි අවශ්‍ය දේ රැස් කළහොත්, මුළු වියදම යෙන් ට්‍රිලියන 10ක් වනු ඇති අතර කෙටි කාලීනව රජයේ බැඳුම්කර නිකුත් කිරීම හරහා එය මූල්‍යකරණය කළ හැකිය. අපට අභ්‍යවකාශය, විද්‍යුත් චුම්භක තරංග සහ සයිබර් ආරක්‍ෂාව යන ක්ෂේත්‍රවල සැලකිය යුතු පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සිදු කිරීමට අවශ්‍ය වේ"  යනුවෙන් Takaichi රූපවාහිනී වැඩසටහනකදී නව යෝජනාව පිළිබඳව සිය අදහස්‌ දක්‌වමින් කියා සිටියේය.

Comments