පිහියකින් ඇනීමෙන් සිය මහළු මව ඝාතනය කළ පුත්‍රයා


තම මව ඝාතනය කළ පුත්‍රයා අත්අඩංගුවට ගනියි

.

Kyoto හි තම නිවසේ හුදෙකලාව පදිංචිව සිටි Chikako නම් සිය 77 හැවිරිදි මව ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට Fumitaka Tabata නම් 44 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව Kyoto හි පොලිසිය පවසයි.

 

බදාදා අලුයම 4 ට පමණ නිවසේ කුස්සියේ රැදී සිටියදී ඔහු විසින් මවගේ පපුවට පිහියෙන් ඇන ඇති අතර ඇය කෑගසන හඬ ඇසුණු අසල්වැසියෙක් 110 අමතා තිබේ .

 

ඔහු මෙතෙක් තම මව ඝාතනය කිරීමට කිසිදු හේතුවක් ඉදිරිපත් කර නොමැති බවත් අධික රුධිර වහනය හේතුවෙන් ඇය රෝහල් ගත කර මද වේලාවකට පසුව මිය ගිය බවත් පොලිසිය පැවැසීය .

161 Views

Comments